FAST NEWS

24×7 Around the Globe

එංගලන්තයට ලකුණු 31 ක ජයක්..(update)

සංචාරය එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති දෙවැනි එක්දින තරගයේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 31 ක ජයක් අත් කරගත්තේය.
තරගය සඳහා වාර්ෂාවෙන් බාධා ඇතිවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 29 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 140 ක් ලබා සිටි අතර ඩක්වර්ත් – ලුවිස් ක්‍රමය අනුව තරගය ජයගැනීමට නම් ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 171 ක් රැස්කළ යුතුව තිබිණ.
පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 278 ක් ලබාගත්තේය. ලසිත් මාලිංග ලකුණු 44 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය.
++++++++++++++[update ]

ශ්‍රී ලංකාවට ලකුණු 279 ක ඉලක්කයක්..(update)
ශ්‍රී ලංකා කණ්ඩායම සමග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි  පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් සංචාරක එංගලන්ත කණ්ඩායම කඩුලු 09 ක් දැවි ලකුණු 278 ක් රැස් කිරිමට සමත් විය.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 279 ක් රැස් කල යුතුය.
+++++++++{update}
දෙවැනි තරගයෙත් කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..
සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි අද (13) ආරම්භ විමට නියමිත දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් දිනා ගැනිමට සමත් විය.
ඒ අනුව පළමුව පන්දු රැකිම ඔහු තෝරා ගත්තේය.
කණ්ඩායම්