FAST NEWS

24×7 Around the Globe

රනිල් වාර්තා පොත් අලුත් කරයි.

මෙවර ඡන්දයේ වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයා වන්නේ ද වික්‍රමසිංහ මහතායි.

කොළඹ දිස්ත්‍රික්කයේ දෙවැනි තැනට පත් වූ අපේක්ෂකයා ලබාගත් මනාප සංඛ්‍යාවට වඩා තුන් ලක්ෂ අසූ තුන් දහසකට ආසන්න මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමට වික්‍රමසිංහ මහතා සමත්ව ඇත.

මෙය මහ මැතිවරණයකදී අපේක්ෂකයෙකු ලැබූ වැඩිම මනාප සංඛ්‍යාව ලෙස මැතිවරණ ඉතිහාසයට එක්වෙයි.

එසේම මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව (423,529) ද අභිබවා යාමට රනිල් සමති විය.

වසර 1994 මැතිවරණයේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ලැබූ මනාප ඡන්ද 464,588 මෙතෙක් මැතිවරණ ඉතිහාසයක ලැබූ වැඩිම මනාප ඡන්ද ගණන ලෙස සටහන්ව තිබිණි.

රනිල් හිටිය කොළඹටත් වාර්තාගත ජයක්

එ.ජා.ප.ය කොළඹින් මන්ත්‍රි ධුර 11ක් ලබා ගත්තේ වාර්තාගත ඡන්ද 6,40,743ක් හිමිකර ගනිමිනි. එහි ප්‍රතිශතය 53.00%කි. කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ ඡන්ද කොට්ඨාසය එ.ජා.ප.ය ජය ගත්තේ වැඩි ඡන්ද 68,479 (84.00%) කිනි. උතුරු කොළඹ ජය ගත්තේ වැඩි ඡන්ද 40,315 (80.03%)ක් ලබා ගනිමිනි.