බංග්ලාදේශ හිටපු ඇමතිවරු දෙදෙනෙක් ඇතුළු 19 කට මරණ දණ්ඩනය…

බංග්ලාදේශ හිටපු ඇමතිවරු දෙදෙනෙක් ඇතුළු 19 කට මරණ දණ්ඩනය…

බංග්ලාදේශ අධිකරණය මගින් 2004 දී දේශපාලන රැලියකට ග්‍රෙනේඩ් බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ 19 දෙනකුට මරණ දණ්‌ඩනය නියම කර ඇත.
මීට අමතරව තවත් 38 දෙනකුට ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම කර ඇති අතර  මරණ දණ්‌ඩනය නියම වූවන් අතර හිටපු අමාත්‍යවරයෙක්‌ සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්‌ ද සිටියි.
2004 අගෝස්‌තු 21 වැනි දින ෂීක්‌ හසීනා දේශපාලන වේදිකාව මත සිට සිය කතාව අවසන් කිරීමට මොහොතකට පෙර සිදුවූ මෙම පිපිරීම්වලින් 100 කට අධික පිරිසකට තුවාල ලැබූ අතර එම බෝම්බ ප්‍රහාරයෙන් 24 දෙනෙක්‌ ජීවිතක්ෂයට පත්වූහ.