FAST NEWS

24×7 Around the Globe

බඩඉරිඟු සඳහා රුපියල් 43ක සහතික මිලක්..

බඩඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 43ක සහතික මිලක් නියම කිරීමට තීරණය කර ඇති බවත් ,අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමීත බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එසේම බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට බීජ මිල දී ගැනීමට වැය වන මුදලින් 50%ක් රජය වියදම් කීරමටද තීරණය කළ බවද කියයි.
බඩඉරිඟු වගාව පුළුල් මට්ටමින් ව්‍යාප්ත කිරීම සඳහා ගොවීන් දිරිගැන්වීමේ විශේෂ වැඩපිළිවෙළ යටතේ මෙය සිදුවන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
රජයේ පොහොර සහනාධාරය යටතේ ලබා දෙන රසායනික පොහොර බඩඉරිඟු ගොවීන්ට ලබා දීමටද, වගා හානියක දී හෙක්ටයාර එකකට රුපියල් ලක්ෂයක මුදලක් වගා හානි රක්ෂණ වශයෙන් ද ලබා දීමට නියමිත බවද අමාත්‍යාංශය කියයි.
පසුගිය වසරේ බඩඉරිඟු මෙට්‍රික්ටොන් එක්ලක්ෂ හැටහතර දහසක් ආනයනය කෙරුණු බවත් එය මේ වසරේ මෙට්‍රික්ටොන් ලක්ෂ දෙකින් ඉහළ ගොස් ඇති බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.