ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි – 20 සඳහා එංගලන්ත සංචිතයේ වෙනසක්..

ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි – 20 සඳහා එංගලන්ත සංචිතයේ වෙනසක්..

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ලබන 27 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්විමට නියමීත විස්සයි – 20 තරඟය සඳහා, සංචාරක එංගලන්ත කණ්ඩායමේ සංචිතය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් ජොර්ඩන් එක් කිරිමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.
එක්දින තරගාවලිය සඳහා මෙවන විට ශ්‍රී ලංකාවට පැමීණ සිටින එංගලන්ත ක්‍රීඩකයින්ගෙන් විස්සයි -20 තරඟය සඳහා සංචිතය නම් කෙරෙන අතර ඊට අමතරව මෙම කැඳවිම කර ඇති බව පැවසේ.
හෙතෙම එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර අවසන් වරට 2016 (එංගලන්තයේ) පැවති තරගයේදි ලකුණූ 29 කට කඩුළු 03 ක් දවා ගනිමීන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණූ 140 කට සීමා කරමීන් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායක විය.
ඔහු එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි – 20 තරඟ 34 කට සහභාගි වීලකුණු 116 ක් රැස් කර ඇති අතර කඩුළු 38 ක් දවා ගැනිමට සමත්ව තිබේ.