අද (10) තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් 11 දෙනා මෙන්න..

අද (10) තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් 11 දෙනා මෙන්න..

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග තරග 05 කින් සමන්විත එක්දින තරගාවලියේ  අද (10) පැවැත්වෙන පළමු තරගය සඳහා උපුල් තරංග සමග ආරම්භක පිතිකරු ලෙස නිරෝෂන් දික්වැල්ල යොදා ගැනිමට ඉඩ කඩ පවතින බව කණ්ඩායම් ආරංචි මාර්ග පවසයි.
අසියානු කුසලාන තරගාවලියේදි ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ කුසල් මෙන්ඩිස් එංගලන්තය සමග එක්දින සංචිතයට එක් නොකර ගැනිම නිසා පුරප්පුපාඩු වන එම ස්ථානයට මෙසේ දික්වැල්ල ක්‍රීඩා කරනු ඇති බව කියැවේ.
එසේම දඟ පන්දු යවන ක්‍රීඩක අමීල අපොන්සු අතිරේක දඟ පන්දු යවන්නෙක් ලෙස අවශ්‍ය වුවහොත් කණ්ඩායමට එක්කර ගැනිමේ අපේක්ෂාවක් පවතින බවත් පැවසේ.
එ අනුව ලක්ෂාන් සඳකැන් හා අකිල ධනංජය දඟ පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්වනු ඇති බව සඳහන්.
එසේම වේග පන්දු යවන්නන් ලෙස ලසිත් මාලිංග හා දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරනු ඇති බවත් කණ්ඩායම් ආරංචි මාර්ග පවසයි.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (10) පස්වරු 2.30 ආරම්භ කිරිමට නියමීත අතර මේ වන විට දඹුල්ල ප්‍රදේශයේ කාළගුණ තත්වය යහපත් අතට හැරි ඇති බවද ක්‍රීඩාංගණ ආරංචි මාර්ග පවසයි.
එසේම අද (10) දිනයේ ක්‍රීඩා කල හැකි කණ්ඩායම් ද්විත්වයට අයත් 11 දෙනා කණ්ඩායම් ආරංචි මාර්ග මත ක්‍රීක් ඉන්ෆෝ වෙබි අඩවිය විසින් ප්‍රකාශ කර තිබේ.
ක්‍රීඩා කළ හැකි කණ්ඩායම මෙන්න..
ශ්‍රි ලංකාව –
01.උපුල් තරංග 02.නිරෝෂන් දික්වැල්ල 03. කුසල් පෙරේරා 04.දිනේෂ් චන්දිමාල් 05.ධනංජය ද සිල්වා 06. දසුන් ශානක 07. තිසර පෙරේරා 08.අකිල ධනංජය 09.ලක්ෂාන් සඳකැන් 10.දුෂ්මන්ත චමීර 11.ලසිත් මාලිංග
එංගලන්තය – 01.ජේසන් රෝයි 02.ජොනී බිස්ට්‍රොව් 03.ජෝයි රූට් 04.ඉයොන් මොර්ගන් 05.බෙන් ස්ටොක්ස් 06.ජෝස් බට්ලර් 07. මොයින් අලි 08.ක්‍රිස් වොක්ස් 09. ආදීල් රෂිඩ් 10.ටොම් කරන් 11.මාර්ක් වුඩ්