FAST NEWS

24×7 Around the Globe

සීනි සඳහා පාලන මීලක් එයි !!!

රසීනි සඳහා රුපියල් 100 ක පාලන මිලක් පැනවීම කෙරෙහි ජීවන වියදම් කමිටුවේ තීරණයට රජයේ අවධානය යොමුව ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
පාරිභෝගික ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් එම පියවර ගැනීමට නියමිත බවත් පාලන මිල පැනවීමට අදාළව කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා යෝජනාව ඉදිරිපත් කරන බවද එ මහතා පැවසීය.