FAST NEWS

24×7 Around the Globe

ග්‍රැහැම් ලැබ්‍රෝයි ගැන අයි.සී.සී තීන්දුව එයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන තේරීම් කමිටු සභාපති වශයෙන් කටයුතු කරන අතරේම ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ තරග තීරකයෙක් ලෙස කටයුතු කිරිම කිසිම අවස්ථාවක ළබැඳියාව පිළිබඳ ගැටලු ඇති කරන්නක් නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙයි.
ඔහු තේරීම් කමිටු සභාපති ලෙස කටයුත කරන විටදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරගාවලියේ තරග තීරකයෙක් ලෙස කටයුතු කිරීම පිළිබඳව විවේචන එල්ලවු අතර ,පසුව මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අදහස විමසා ඇති අතර ඒ සඳහා පිළිතුරු ලබාදෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉහත ස්ථාවරත්වය ප්‍රකාශ කර ඇත.
එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති තනතුර භාර ගැනීමට පෙරාතුව ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කළ බවත් ඔහු තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කරන අවස්ථාවක එම කණ්ඩායම එක්වන තරගාවලියකදී ඔහුට තරග තීරකයෙක් ලෙස කටයුතු කළ නොහැකි බවත් අයි.සී.සී.ය පෙන්වා දී තිබේ.