කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් කණ්ඩායමෙන් ඉවත් වෙයි..

කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් කණ්ඩායමෙන් ඉවත් වෙයි..

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් පෞද්ගලික හේතුවක් මත කෙටි කලකට කොදෙව් කණ්ඩායමෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමට එරෙහි විස්සයි-20 සහ එක්දින තරඟාවලි සඳහා සුපිරි ක්‍රීඩක ගේල් කොදෙව් කණ්ඩායමට ඇතුලත් කිරීමට නියමිත බව මාධය වාර්තා පළවි තිබු පසුබිමක,තමන් කෙටි කලකට කණ්ඩායමේ ඉවත්ව සිටින බවට ගේල් සිදුකර ඇති දැනුම්දී වෙත මේ වනවිට ආන්දොලනයට තුඩ දී ඇති බව පැවසේ.
එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දීය සංචාරයෙන් අනතුරව කොදෙව් කණ්ඩායමේ බංගලාදේශ සංචාරය සඳහා ද තමන් එක්නොවන බව හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් තමන් එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ එක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව ගේල් පවසා ඇති බව වාර්තා වේ.