FAST NEWS

24×7 Around the Globe

ප්‍රසන්න ජයවර්ධනට එංගලන්ත කණ්ඩායමෙන් තනතුරක්..

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රැකීමේ විශේෂ පුහුණු උපදේශකයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කඩුලු රකින්නකු වූ ප්‍රසන්න ජයවර්ධන එක්වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මෙම මස 10 වැනිදා සිට ආරම්භ වන එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ කොළඹදී පැවැත්වීමට නියමිත තරග සඳහා එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර්ට සහයෝගයක් දක්වන ලෙස එංගලන්ත ක්‍රිකට් කළමනාකාරීත්වයෙන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව ප්‍රසන්න ජයවර්ධන මෙම කටයුත්ත සඳහා එක්වී ඇති බවද දැනගන්නට ඇත.
තවද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් වීමෙන් අනතුරුව ප්‍රසන්න ජයවර්ධන එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව ඇති අතර එහිදී ඇතිවූ හිතවත් කම් මත එංගලන්ත පිල විසින් මෙම ඉල්ලීම කර ඇති බවද පැවැසෙයි.
කෙසේ වෙතත් පසුගියදා එංගලන්ත කණ්ඩායම කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී සහභාගි වූ පුහුණු සැසිය සඳහාද ප්‍රසන්න ජයවර්ධන එක්වී සිටිනු දක්නට ලැබුණි.