ඉන්දීයාවේ ප්‍රිතිවි මංගල තරගයේදිම ටෙස්ට් වාර්තා පොත් කිහිපයක් අලුතින් ලියයි…

ඉන්දීයාවේ ප්‍රිතිවි මංගල තරගයේදිම ටෙස්ට් වාර්තා පොත් කිහිපයක් අලුතින් ලියයි…

 

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග රාජ්කොට් හිදි අද (04) පැවැත්වෙන පළමු තරගයේදි ටෙස්ට් වරම් දිනාගත් (293) ඉන්දීය පිතිකරු ප්‍රිතිවී ෂෝ සිය මංගල තරගයේදිම ශතකයක් වාර්තා කිරිමට සමත් විය.

වයස අවුරුදු 18 යි දින 329 ක් වයසැති ප්‍රිතිවී ඉන්දීයාව වෙනුවෙන් ශතකයක් රැස් කළ ලාබාලම ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතර ලියැවෙයි.

එසේම ටෙස්ට් ශතකයක් වාර්තා කළ ලාබාලම ක්‍රීඩකයින් අතර සත්වැන්නා විමටට ඔහු අද (04) සමත් විය.

එසේම සිය මංගල තරගයේදිම ටෙස්ට් ශතකයක් වාර්තා කල ලාබාලම ක්‍රීඩකයා වීමේ වරමද ඔහු හිමී කර ගත්තේය.

එසේම ඉන්දීයාව වෙනුවෙන් සිය මංගල තරගයේදිම ශතකයක් රැස් කළ 15 වැනි ක්‍රීඩකයා ලෙස ප්‍රිතිවී වාර්තා පොත් අතර ලියැවෙයි.

කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම මෙ වන විට එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණූ 193 ක් රැස් කරගෙන සිටියේය.

මෙ වන විට නොදැවි ක්‍රීඩා කරන ආරම්භක පිතිකරු ප්‍රිතිවී ෂෝ පන්දු 108 කදී නොදැවි ලකුණූ 103 ක් හා චෙස්වර් පුජාරා පන්දු 111 කදී නොදැවි ලකුණූ 84 ක් රස් කරගෙන සිටියහ.

ලකුණූ පුවරුව..