FAST NEWS

24×7 Around the Globe

ඉරානයට එරෙහි සම්බාධක ලිහිල් කරන්නැයි ඇමරිකාවට නියෝග..

පසුගිය වසරේ ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව පනවන ලද සම්බාධක ලිහිල් කරන ලෙසට ජාත්‍යන්තර අධිකරණය ඇමරිකාවට නියෝග කර ඇත.
ඉරානයට එරෙහිව ඇමරිකාව විසින් පනවා ඇති සම්බාධක හේතුවෙන් ඉරාන රියාලයේ අගය ද වේගයෙන් පහත වැටුණු අතර මේ වනවිට ඉරාන ආර්ථිකය කඩාවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ආහාර සහ ඖෂධ වැනි මානුෂීය ද්‍රව්‍ය ඉරානයට අපනයනය කිරීමට ඉඩ දෙන ලෙස එහිදී අධිකරණය ඇමරිකාවට සඳහන් කර ඇත.
ඇමරිකාව ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක නීති විරෝධී බව මෙම නියෝගයෙන් තහවුරු වන බව ඉරාන විදේශ අමාත්‍යාංශය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානම නීති ආයතනය වන ජාත්‍යන්තර අධිකරණය එහි සාමාජික රටවල් අතර නීතිමය ගැටුම් නිරාකරණය කරනු ලබයි.