FAST NEWS

24×7 Around the Globe

එංගලන්තයට එරෙහි සුදානම ගැන නායක චන්දිමාල් කියයි..

කණ්ඩායමේ වැරදුන තැන් හදුනාගත් බවත් එ අනුව තරග සැලස්මවල් ඇති බවද, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් එංගලන්ත කණ්ඩායම සමග එක්දින තරගාවලියට පෙරාතුව පැවැත්වෙන මාධ්‍ය හමුවට එක් වෙමීන් ඊයේ (03) ප්‍රකාශ කළේය.
“යම්කිසි දෙවල් ටිකක් අපි ඉගෙන ගත්තා,අපිට කොයි තැන්වලද වැරදුනේ කියන එක නමුත්,තව ටිකක් දෙවල් තියනවා අපිට වැරදුන තැන් හොයා ගන්න,හැබැයි අපි යම්කිසි දෙවල් ටිකක් අයිඩින්ටි ෆයි කරගෙන තියනවා ඉතින් එවට අනුව අපි ගාව තරග සැලැස්මවල් තියනවා,ඉතින් එ සැලැස්මවල් අනුව අපේ ක්‍රීඩකයන්ට එ සිටුවේෂන් එකේදි ක්‍රියා කරන්න පුලුවන්නම් ඉතින් එක තමා අපි ක්‍රීඩකයින් වශයෙන් කළ යුත්තේ”
දෙරට අතර එක්දින තරගාවලිය ලබන 10 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි පැවැත්විමට නියමීතව තිබේ.