FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාර නීතියට අනුව ඥානසාර හිමිට පිටින් කෑම තහනම්..

වැලිකඩ බන්ධනාගාර රෝහ‍ලේ වැඩසිටින බොදුබල සේනා සංවිධානයේ මහ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පිටතින් ආහාර ලබාදීමට එම සංවිධානය විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු සදහන් කළේය.
උන්වහන්සේ හට ශල්‍යකර්මයක් කර තිබෙන නිසා සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන පිටතින් ආහාර ලබාදීමට අවසර දෙන ලෙස ඉල්ලා බොදුබල සංවිධානය විසින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් නිශාන් ධනසිංහ මහතා වෙත ලිපියක් මගින් ඉල්ලීම කර තිබිණි.
බන්ධනාගාරයේ සිරදඬුවම් නියමව සිරගතව සිටින කිසිදු පුද්ගලයකුට පිටතින් ආහාර දීමට බන්ධනාගාර නීතියට අනුව ඉඩ නොලැබෙන නිසා ඥානසාර හිමියන්ටද එය එසේම සිදුවන බව බන්ධනාගාර ප්‍රකාශකයා සඳහන් කර ඇත.