FAST NEWS

24×7 Around the Globe

උඳු වගාව සදහා අක්කර දහසය දහසක භූමි ප්‍රමාණයක් වෙන් කරයි…

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙවර මහ කන්නයේ දී අක්කර දහසය දහසක උඳු වගාවක් ආරම්භ කිරීමට සහ අක්කර 550 ක පාරම්පරික වී වගා කිරීමට පියවර ගන්නා ලෙස නිළධාරීන් හට උපදෙස් ලබාදී ඇත.
වව්නියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික් කේන්ද්‍රකර ගනිමින් උඳු වගා කිරීමට අක්කර දහසය දහසක භූමි ප්‍රමාණයක් ද ඒ සදහා වෙන්කර ඇත.
මීට අමතරව වව්නියාව දිස්ත්‍රික්කයේ පුරණ් කුඹුරු 550 ක පාරම්පරික වී වගා කිරීමට ද කටයුතු කර ඇති අතර මෙම කර්තව්‍යන් සදහා දායකත්වය සපයනු ලබන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි.