FAST NEWS

24×7 Around the Globe

එළවළු තොග මිල පහතට..

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල වැඩි වශයෙන් එළවළු ලැබීම හේතුවෙන් ගොවීහු දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇත.
එළවළු ප්‍රමාණය වැඩිවීමත් සමඟ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී තිබීම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇත.
වම්බටු , මෑකරල් , පිපිඤ්ඤා , ගෝවා ,වට්ටක්කා , දඹළ , කැකිරි , බිට් , මාළුමිරිස් , අමුමිරිස් ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 10 සිට 30 දක්වා වූ මිලකට අලෙවි වන බව ගොවීන් පවසයි.
කැරට් කිලෝව රුපියල් 80 ක් බෝංචි කිලෝවක් රුපියල් 70 ක් හැර අනෙකුත් එළවලු වර්ග ද කිලෝව රුපියල් 25 සිට 55 දක්වා මිලකට අලවි වන බව ඔවුන් පවසා සිටී.