FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවෙන් පාකිස්ථානයට ලකුණූ 201 ක ඉලක්කයක්..

වයස අවුරුදු 19 පහළ අසියානු කුසලාන තරගාවලියේ “බී” කාණ්ඩය යටතේ අද (02)  බංග්ලාදේශයේදි පැවැත්වෙන  ,පාකිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 04 කදී ලකුණූ 200 ක් රැස් කළේය.
ඒ අනුව පාකිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ ජයග්‍රහණය සඳහා ලකුණූ 201 ක් රැස් කළ යුතුය.
කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලබා දුන්නේය.
“බී” කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවැනි හා අවසන් තරගය මෙය වෙයි.
මීන් පෙර බංග්ලාදේශ හා හොංකොං කණ්ඩායම් සමග පැවැති තරග දෙකම ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ලකුණු පුවරුව..