නවක වදය හේතුවෙන් සිසු සිසුවියන් 14 ක් සියදිවි හානි කරගනියි…

නවක වදය හේතුවෙන් සිසු සිසුවියන් 14 ක් සියදිවි හානි කරගනියි…

විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිදුවන්නා වූ නවක වද සිද්ධීන් හේතුවෙන් මේ වනවිට සිසුන් 14 දෙනෙකු පමණ සියදිවි හානිකර ගෙන ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා සදහන් කළේය.
2000 කට අධික සිසු සිසුවියන් පිරිසක් විශ්වවිද්‍යාලය හැරගොස් ඇතැයි ද නවක සිසුවියන්ට යට ඇදුම් තහනම් කරන ලද විශ්වවිද්‍යාල ඇති ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව ද ඔහු අනාවරණය කරයි.
හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු වූ රිචඩ් පතිරණ මහතා 1998 වසරේ දී ගෙනා නවකවද පනත හරහා මෙම සිද්ධීන්වලට සම්බන්ධ සිසු සිසුවියන් 46 දෙනකු මේ වනවිට ඇප නැතිව අත්අඩංගුවේ පත්ව ඇති බවද අමාත්‍යවරයා පවසයි.
ශිෂ්‍ය පාතාලය විසින් ඇතැම් විශ්වවිද්‍යාල පාලනය කරන බවත් මෙය ඉතා ඛේදජනක තත්ත්වයක් බව ද අමාත්‍යවරයා සදහන්කර සිටියේ මහරගම ජාතික තරුණ සේවා සභාවේ පෙරේදා (30) පැවැති උත්සවයකට සහභාගී වෙමින්.