FAST NEWS

24×7 Around the Globe

පුහුණූවිම,බලධාරීන් හා ක්‍රීඩකයින්ගේ වැරැද්දක් ගැන ඩිල්ෂාන් දෙහි කපයි..

වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරිම ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ඉතාමත් වැදගත් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ටි.එම් ඩිල්ෂාන් පෙන්වා දෙයි.
එසේම පුහුණුවිම් වලට වඩා මෙම තරග වලට සහභාගි විම වැදගත් බවත් බලධාරීන් හා ක්‍රීඩකයින් මෙ සඳහා උනන්දුවක් නොමැති විම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පල කරන බවත් වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලිය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමීන් හෙතෙම පැවසීය.
“අපි ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන කාලේ අපි සමහර දවස්වල තරග කරලා කෙලින්ම ඇවිල්ලා එයාර් පොර්ට් එකෙන් වෙළඳ සේවා තරග වලට සහභාගි වෙනවා මොකද වෙළඳ සේවා තරග කියන්නේ ඉතාමත්ම හොඳ තරගාවලියක් මන් හිතන්නේ ලංකාවේ එක්දින තරගාවලියක් ගත්තොත් මෙක තමා හොඳම තරගාවලිය,ප්‍රරෝවින්ෂල් එකටත් වඩා හොඳ තරගාවලියක්, ඔක්කම ජාතික කණ්ඩායම ක්‍රීඩකයෝ ක්‍රීඩා කරනවා, ඉතාමත් හොද තරගාවලියක්,ඉතින් ගොඩක් කණගාටුයි සමහර ක්‍රීඩකයන් මෙම තරගාවලියට සහාගි වෙන්නේ නෑ,මොකද කියලා මම ගොඩක් අයගෙන් විස්තර ඇහැව්වම කියනවා , එගොල්ල ඉන්ජර්ඩ් වෙයි කියලා සමහර තරග සෙල්ලම් කරන්න එපා කියලා තියනවා,සමහර ක්‍රීඩකයෝ පුහුණූවිම් වලට ඇවිල්ලා,බෝල දහයයි, පහලවයි, විස්සයි දාන්නේ ඉතින් මම දන්නේ නෑ ,මොකද මේ වෙලා තියෙන්නේ කියලා මොකද ක්‍රීඩකයින්ට තරග පුහුණූවිම් තමා වැදගත්ම,මොකද පුහුණූ විම් වලට වඩා තරගයක් ක්‍රීඩා කරනවා කියන්නේ මැච් එකක් ක්‍රීඩා කරනවා වගේමයි, මොකද එ දවස්වල අපේ ක්‍රීඩකයෝ ,විශේෂයෙන් පිතිකරුවෝ ලකුණු අතර නැති වේලාවක මෙම තරගාවලිය ඉතාමත් සුවිශේෂ තරගාවලියක්,එ ගොල්ලන්ට ලකුණු අතර පැමීණිලා එංගලන්ත සංචාරයට ඉස්සරලා මේ තරගාවලිය ඉතාමත් වැදගත්, මන් දන්නේ නැ කවුද මෙ දෙවල් කරන්නේ කියලා,මොකද ක්‍රීඩකයොත් කැමතියි මැනෙජ්මන්ට් එකෙන් කියනවනම් තරග ක්‍රීඩා කරන්න එපා කියලා එ ගොල්ලත් පුළුවන් තරම් දැන් ලෙසියට හුරු වෙලා තියෙන්නේ,මම හිතන්නේ මේක නැවැත්විය යුතුයි”