FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවේ සුම්බා දූපත ආශ්‍රිතව යළිත් ප්‍රබල භූ කම්පනයක්…

පුද්ගලයන් 850 කට අධික සංඛ්‍යාවකට මරු කැදවමින් පසුගියදා ඉන්දුනීසියාවේ ඇතිවූ මැග්නිටියුඩ් ඒකක 7.5 ක ප්‍රබල භූ කම්පනයකින් අනතුරුව නැවතත් සුම්බා දූපතේ වෙරළාශ්‍රිතව භූ කම්පනයක් හටගෙන ඇත.
එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.0 ක් ලෙස සටහන්ව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතන පවසයි.
භූ චලනයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් මෙතෙක් නිකුත්කර නොමැති අතර එයින් සිදුවූ ජීවිත හෝ දේපළ හානි මෙතෙක් වාර්තා වී නොමැත.
මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.