FAST NEWS

24×7 Around the Globe

මත්ස්‍ය මිල ගණන් සීග්‍රයෙන් පහළ බසියි…

මේ වනවිට වෙළදපොළ තුළ මත්ස්‍ය මිල ගණන් සීග්‍රයෙන් පහත බැස ඇති බව ධීවර සංස්ථාව සදහන් කරයි.
රුපියල් 350 ට අලෙවි වූ බලයා මත්ස්‍ය කිලෝග්‍රෑමයක් රුපියල් 150 ත් 200 ත් අතර මිලකට පවතින බවත් කෙළවල්ලා කිලෝග්‍රෑමයක් රුපියල් 300 ක මිලක පවතින අතර, එය පසුගිය දිනවලට සාපේක්ෂව 40% ක පමණ අඩුවීමක් බවත් එම සංස්ථාව ප්‍රකාශ කරයි.
මේ ආකාරයෙන් මිල ගණන් අඩු වීමට හේතුව ලෙස ඔවුන් සදහන් කරන්නේ පසුගිය දිනවල ධීවර කටයුතු සඳහා පැවති යහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩි වශයෙන් මත්ස්‍ය අස්වනු ලැබීමයි.