ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට ස්ත්‍රී දූෂණ චෝදනාවක්…

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට ස්ත්‍රී දූෂණ චෝදනාවක්…

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට ඇමෙරිකානු කාන්තාවක් විසින් එල්ල කර ඇති ස්ත්‍රී දූෂණ චෝදනාව ‘අසත්‍ය පුවතක්’ බව ඉන්ස්ටර්ග්‍රෑම් වෙත වීඩියෝවක් එකකරමින් ඔහු පවසා සිටියි.
සිය නම යොදාගෙන ඔවුන්ට ජනප්‍රිය වීමට අවශ්‍ය බවත් අදාළ පුවත මුලින්ම වාර්තා කළ ජර්මනියේ ‘ඩර් ස්පීගල්’ සඟරාවට එරෙහිව නඩුමගට බසින බව රොනාල්ඩෝගේ නීතීඥයන් පවසා ඇත.
රොනාල්ඩෝ විසින් 2009 දී ලාස් වේගාස් හි හෝටල් කාමරයක් තුළදී කැත්‍රින් මයෝගා නම් කාන්තාවක් දූෂණය කර ඇති අතර , ඇය විසින් ඒ සම්බන්ධයෙන් ලාස් වේගාස් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව අදාළ සඟරාව සදහන් කර ඇත.
කෙසේවෙතත් 2010 වසරේ දී දෙපාර්ශවය විසින් මෙම සිද්ධිය අධිකරණය හමුවට නොයා සමථයකට පත්කර ඇති බවත් වාර්තා වෙයි.
මේ සිද්ධිය යළි ප්‍රසිද්ධියට පත්නොකරන බවට වූ පොරොන්දුව මත රොනාල්ඩෝ විසින් ඩොලර් 375,000 ක මුදලක් ඇයට ගෙවා ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.