පැයට කිලෝමීටර 200 කට වැඩි වේගයකින් ජපානයේ ඔසාකා නුවරට බලපෑ ට්‍රැමී සුළි කුණාටුව හේතුවෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු අතුරුදන්ව ඇත.
සුළි කුණාටුව හේතුවෙන් ජන ජීවිත සියල්ල අඩපන වී ඇති අතර ඔසාකා නුවර නිවාස 750,000 කට පමණ විදුලිට ඇණ හිට ඇත.
තුවාල ලැබූ සංඛ්‍යාව 120 ක් පමණ වන බවත් වාර්තා වෙයි.
මීට අමතරව ප්‍රවාහන කටයුතු ද මුළුමනින්ම ඇණහිට තිබෙන අතර ගුවන් ගමන් සහ අභ්‍යන්තර ගුවන් ගමන් වාර සිය ගණනක් ද අවලංගු කර ඇත.












