දසුන්,තිසර හා ධනුෂ්ක ගැන හතුරුසිංහගෙන් ප්‍රකාශයක්..

දසුන්,තිසර හා ධනුෂ්ක ගැන හතුරුසිංහගෙන් ප්‍රකාශයක්..

තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා හා දසුන් ශානක වර්තමානයේ කණ්ඩායම තුළ පරිණත වෙමීන් සිටින ක්‍රීඩකයින් බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සති අන්ත ඉංග්‍රිසි පුවත්පතක් සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමීන් ප්‍රකාශ කර තිබේ.
තිසර හා දසුන් සිය අත්දැකිම් මතින් ක්‍රීඩා කෞෂල්‍ය දියුණූ කර ගන්නා ක්‍රීඩකයින් බවද හෙතෙම මෙහිදි පෙන්වා දී තිබේ.
විශේෂයෙන්ම දසුන් ශානක විශාල පිම්මක් ගෙන ඇති බවත් ඔහුගේ ලකුණූ ලබා ගැනිමේ හැකියාව මත අංක 04 ස්ථානයේ ක්‍රීඩා කිරිමට අවස්ථාවක් සැලසිය හැකි බවද හතුරුසිංහ මෙහිදි ප්‍රකාශ කර තිබේ
දකුණූ අප්‍රිකාව සමග තරගාවලියේ හා වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ දැක්වු දක්ෂතා ඊට කදිම නිදසුන් වන බවද හතුරුසිංහ මෙහිදි පෙන්වා දි තිබේ.
එසේම බංග්ලාදේශ පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේදි අංක 07 පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කළ මොහොමදුල්ලා රියාද්ව ඉදිරියට ගෙන ක්‍රීඩා කරවිමෙන් ඔහු දක්ෂතා අතරට පැමීණි බවද හතුරුසිංහ මෙහිදි ආවර්ඡනය කර තිබේ.
එසේම ධනුෂ්ක ගුණතිලකද ආරම්භක පිතිකරුවෙක් ලෙස සාර්ථකව යොදා ගත හැකි බවත් ඔහුගේ පන්දු යැවිමේ හැකියාවද කණ්ඩායමට පිටුවහලක් වන බවත් හෙතෙම මෙහිදි වැඩි දුරටත් පෙන්වා දී තිබේ.