ඉන්දුනීසියානු සුලවේසි දිවයිනට බලපෑ භූකම්පනය සහ සුනාමි රළ පහර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 832 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රික්ටර් පරිමාණ 7.5ක භූ කම්පනය හේතුවෙන් පාලූ ලෙස සැලකෙන ප්‍රදේශය වඩාත් හානියට පත්ව ඇති අතර මීටර් 06 ක් පමණ උසට උදම් රළ පැමිණ ඇති බවත් වාර්තා වෙයි.
සිද්ධියෙන් තවත් 500 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.
මුස්ලිම් පල්ලි ඇතුළු ගොඩනැගිලි රැසක් සුන්බුන් බවට පත්ව ඇති අතර, එරට ආපදා කණ්ඩායම් පෙන්වා දෙන්නේ කඩා වැටුණු ගොඩනැගිලිවල කොන්ක්‍රීට් තට්ටු ඉවත් කිරීමට විශාල යන්ත්‍ර සූත්‍ර අවශ්‍යව ඇති බවයි.
මිලියන 1.6 ක පමණ ජනතාවකට මෙම භූ කම්පනය සෘජුවම බලපා ඇති බව රතු කුරුස සංවිධානය පෙන්වා දෙයි.
සුන්බුන් අතර සිරවුණු මළ සිරුරු ඉවත් කරගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඉන්දුනීසියානු ආපදා අංශය සදහන් කරයි.
ප්‍රධාන භූ කම්පනයෙන් පසුව තවත් පසු කම්පන රැසක් මෙම ප්‍රදේශ ආශ්‍රිතව හටගෙන ඇත.
මේ හේතුවෙන් කඳවුරුවල සිටින ජනතාව දැඩි භීතියට පත්ව ඇති බවද විදෙස් වර්තා පෙන්වා දෙයි.
තුන්ලක්ෂ 50,000 ක් පමණ ජනගහණයක් වෙසෙන සුලවේසි දිවයිනට මීටර 06 ක් පමණ උස්වූ සුනාමි රළ පහරට ගොදුරු වූයේ පසුගිය 28 වනදායි.













