FAST NEWS

24×7 Around the Globe

මැතිව්ස් හතුරු විරසකය හා මැතිව්ස්ට හිමිවිය යුතු තැන සංගා කියයි..

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ අතර පවතින මතභේදය හැකි ඉක්මනින් විසඳාගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබේ.
මෙම මතභේදය විසඳාගතහොත් ඇන්ජලෝ මැතිව්ස්ට නැවතත් ශ්‍රී ලංකා කාණ්ඩායට එක්වීමට හැකිවනු ඇති බවය.
“මම හිතන්නේ දෙදෙනා අතර පවතින සන්නිවේදනය බිඳ වැටීම හැකි ඉක්මනින් යථා තත්වයට පත්කර ගත යුතුයි. නායකයා, ක්රීඩකයා සහ කළමණාකාරිත්වය අතර පැහැදිලි සහ අවංක කතා බහක් තිබීම තුලින් මෙම ගැටළු විසදා ගත යුතුයි. එමෙන්ම මෙම තීන්දු ගනු ලැබුවේ කුමක් හේතුවෙන්ද යන්න ගැන ඔවුන් තුල විශ්වාසයක් තිබිය යුතුයි. විශේෂයෙන්ම සංවේදී අවස්ථාවලදී මෙවැනි තින්දු තීරණ ගනු ලැබුවේ කුමන හේතුවක් මතද යන්න ගැන මහජනතාව තුලද නිවැරදි අදහසක් තිබීම වැදගත්. ආසියානු කුසලානයේදී ඇතිවූ පසුබෑමෙන් පසු ගනු ලැබූ තීන්දු කණ්ඩායම ගැන සිතා ගත් තීන්දු විදිහටයි.මම හිතන්නේ හතුරුසිංහගේ උපාය මාර්ගයත් එක්ක ඉක්මනින් ඇන්ජලෝ මැතිව්ස් යළිත් සිය සුපුරුදු ස්ථානයට පැමිණෙනු ඇති බව මම විශ්වාස කරනවා.”
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් මැතිව්ස් ඉවත්කර නොමැති බවත් එක්දින කණ්ඩායමට මැතිව්ස්ගේ දායකත්වය අවශ්‍ය බවද සංගක්කාර මෙහිදී පෙන්වා දි තිබේ.
” එක්දින තරඟ වලදී ඔහු පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වුවා, නමුත් පාදයේ ඇතිවූ ආබාධ හේතුවෙන් ඔහු පන්දු යැවීම නතර කළා. නමුත් ඉක්මනින් සිය අබාධය සුවකර ගනිමින් පන්දු යැවීම ආරම්භ කළ යුතුයි. ඔහුගේ තුන් ඉරියව් දක්ෂතාවයන් පෙන්වීම වැදගත්. නායකයා කවුරු වුවත් දක්ෂතාවයන්ගෙන් පිරිපුන් ක්රීඩකයෙක් කණ්ඩායමේ සිටින විට එහි වාසිය හිමිවන්නේ කණ්ඩායමටයි. එළඹෙන ලෝක කුසලානයට වැදගත් වන්නේ මෙය බවයි”
මේ අතර මැතිව්ස්ගේ කඩුලු අතර දිවීම සම්බන්ධයෙන් ප්රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඉකුත්දා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද කුමාර් සංගක්කාර මෙහිදී පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
” මම ක්‍රිකට් සෙල්ලම් කරන විට මැතිව්ස් කඩුලු අතර දිවීමේ ගැටලුවක් දුටුවේ නැහැ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෑතකදී සිට දුවද්දී දැවී යාමේ සම්භාවිතාව අඩුකර ගැනීමට පියවර ගැනීම වැදගත්. පිතිකරුවන්ට ස්ථාවර ස්ථානයන් ලබා දෙන්නේ නම් ඔවුන් අතර ක්‍රීඩා පිටියේදී සන්නිව්දනය ඉබේම වැඩිදියුණු වනවා. ඒ සදහා ඔවුන්ට තම ස්ථානයේ දිගු කාලයක් ක්‍රීඩා කිරීමට ඉඩලබා දීමයි වැදගත් වන්නේ. එවිට ඔවුන් කඩුලු අතර දිව යාමේදී පළමු ලකුණු ලබා ගෙන දෙවන හා තෙවන ලකුණ කරා දිව යනවාද යන්න ගැන සන්නිවේදනය කර ගන්නවා. ඒකයි හොද කඩුලු අතර දිවිමකදී දකින්න පුළුවන් ලක්ෂණ.”
කිසියම් හෙයකින් මැතිව්ස් යළි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට ක්රීඩා කිරීමට තෝරා ගතහොත් ඉදිරි ලෝක කුසලානයේදී ඔහුගේ පිතිකරණ භූමිකාව වෙනස් විය යුතු බවයි කුමාර් සංගක්කාර සඳහන් කරයි.
“ලෝක කුසලාන තරඟාවලියේදී මැතිව්ස් කණ්ඩායමේ අංක හතර ස්ථානයේ පන්දුවට පහරදීමට ඉඩදිය යුතුයි. එහිදී ඔහුට හැකියාව තිබෙනවා ඉණිම ගැන හොද විනිශ්චයක් කිරීමට සහ එය ගොඩනැංවීමේ වගකීම ඔහු සතුවනවා. ඔහුට එය දැරීමට හැකියි. විශේෂයෙන් නව පන්දු දෙකක් අන්ත දෙකෙන් භාවිතා කිරීමේදී එහි පීඩනය දරා ගැනීමේ ශක්තිය ඔහු සතුව පවතිනවා”