FAST NEWS

24×7 Around the Globe

ලැබ්‍රෝයිගේ පිළිතුරෙන් දයාසිරිගේ කථාව දිව දෙකේ කතාවක් වෙයි..

” ලැබ්‍රෝයි මහතා තේරිම් කමීටු සභාපතිවරයා ලෙස පත් කළේ තරඟ තීරක ධුරයේ කටයුතු නොකරන බවට වු එකඟතාවය මත” බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේරිම් කමීටු සභාපති ග්‍රැහැම් ලැබ්‍ර්රෝයි මහතා මාධ්‍ය වෙත පිළිතුරු දීමට කටයුතු කළේය.
ඒ අනුව දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා අමාත්‍යරයාව සිටියදී පවා හෙතෙම අමාත්‍යවරයාගේ අනුමැතිය මත තරග තීරක ධුරයෙහි අවස්ථා කිහිපයකදී කටයුතු කළ බවට ලැබ්‍ර්රෝහි මහතා පවසයි.
“දයාසිරි මහත්තයා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළ සමයේ මම තරගාවලි දෙකක තරග තීරක ලෙස කටයුතු කළා. එක තරගාවලියක් සිම්බාබ්වේ වල තිබුණු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබිමේ තරගාවලියක්,එකේ මම මාසයක් විතර හිටියා.එකට මම දයාසිරි මහත්තයාගේ අනුමැතිය ඇතිවයි ගියේ.
මාව එ තනතුරට පත් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි,මම පසුගිය වසර කාලයේ තරග තීරකයෙක් ලෙස අවස්ථා තුනකදි කටයුතු කරලා තියනවා.
අයි.සී.සී යට කතා කලාම එයාලා මගෙන් ඇහැව්වේ කාන්තා ක්‍රිකට් තරග තේරිම් කටයුතු කරනවද කියලා,එහෙම නැති නිසා එයාලා කිව්වා එක කරගෙන යන්න ප්‍රශ්නයක් නෑ කියලා,එක නිසා එක නිසා අයි.සී.සී එකෙනුයි ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙනුයි එකට ප්‍රශ්නයක් නෑ”