FAST NEWS

24×7 Around the Globe

හගුරන්කෙත තක්කාලි කිලෝවක් රුපියලටත් විකිණෙයි..

හගුරන්කෙත ප්‍රදේශයේ තක්කාලි කිලෝවක මිල රුපියලක් වැනි සුළු මිලකටවත් අලෙවි කරගත නොහැකිව ගොවීන් රැසක් මහත් අපහසුතාවයට පත්ව ඇත.
මේ හේතුවෙන් ගොවීන් රැසක් මෙම ඵලදාව වගාබිම් වලම කුණු වෙන්නට හැරදමා ඇත.
නමුත් ගොවීන් පවසන්නේ ප්‍රදේශයේ වෙළදපළ තුළ තක්කාලි කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 10 ත් 25 ත් අතර මිලකට බවයි.