
දොා්නිගෙන් විනිසුරුවන් ගැන විවේචනයක්..
ආසියානු කුසලාන තරගාවලියේ පසුගියදා පැවති ඉන්දියාව හා ඇෆ්ගනිස්ථානය අතර තරඟයේදී ඇතැම් අවස්ථාවලදී ලබාදුන් විනිසුරු තීරණ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝණි නොසතුටට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ සහ ඉන්දීය ක්‍රීඩක දිනේෂ් කාර්තික්ගේ දැවී යාම් සම්බන්ධයෙන් ලබාදුන් විනිසුරු තීරණ නිවැරදි නොවන බවයි.
කෙසේවෙතත් විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව ඒ වන විට අවසන්ව තිබූ නිසා තමන් හට ක්‍රීඩාගාරයට යාමට සිදුවූ බව දෝණි ප්‍රකාශ කර ඇත.
පසුගියදා පැවති ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය ඉන්දියාව හා බංගලාදේශ කණ්ඩායම් අතර හෙට (28) ඩුබායී හීදී පැවැත්වීමට නියමිතය