ලැබුණූ නායකත්වය තමන්ට ලොකු අභියෝගයක් බවත් සිය ක්‍රීඩකයින්ට බැනිමක් සිදු නොකර ලෙස ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිමට කැමති බවත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වු දිනේෂ් චන්දිමාල් ඊයේ (26) ක්‍රිකට් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමීන් සඳහන් කළේය.
මාධ්‍ය හමුවේදි අදහස් දැක්වු නායක දිනේෂ් චන්දිමාල්..
“ගොඩක් සන්තොසයි,මොකද මාව ට්‍රස්ට් කරලා මට තේරිම් කමීටුව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මට මේ අවස්ථාව ලබා දුන්නා.ඉතින් ලොකු අභියෝගයක්,නායකයෙන් විදියට වගේම ක්‍රීඩකයෙක් විදියට.
එ වගේම කණ්ඩායමට විශේෂයෙන්ම අපේ එක්දින තරගවල ප්‍රතිඵල දිහා බලපුවාම,ඉතින් මම මගේ කාලය ශ්‍රමය දැන් ඉදන් දානවා කොමද මම මේ කණ්ඩායම ස්ථාවර තත්වයකට ගෙන්නේ, එ කියන්නේ තරග ජයහ්‍රණය කරලා බෑ ,තරගාවලි ජයග්‍රහණය කරනේ කොමද කියන එකට වැඩ කරන්න.ඉතින් මම හිතන්නේ එකට ක්‍රීඩකයින්ගේ වැරැද්දක් තියනවනම් මම කියන්නේ ක්‍රිකට්වල එ සියළුම වගකිම් භාර ගන්න මම කණ්ඩායමේ නායකයා විදියට ලැස්ති වෙනවා.
මගේ ක්‍රීඩකයින්ට බනින්න එපා එගොල්ලන්ගේ ක්‍රිකට් වල තියන වැරදි වලට මොනවාහරි තියනවනම් මම එ වගකිම භාර ගන්නවා. අපේ ඉන්න ප්‍රේක්ෂකයින් එගොල්ල ක්‍රිකට් වලට ආදරෙයි, රායිට් අපි වුනත් තරග පරදින්න කැමති නෑ,නමුත් අපි ක්‍රීඩකයින් මහන්සි වෙනවා එතනට යන්න,මට නායකයා විදියට ඉල්ලන්න තියෙන්නේ,ඔබ තමුන්නාන්සේලාගෙන් එ දෙ විතරයි”