FAST NEWS

24×7 Around the Globe

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා..

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති රාජ්‍ය නායක හමුවකට එක්වෙමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශකර ඇත්තේ නොවැම්බර් 06 වනදා පැවැත්වෙන මධ්‍යකාලීන මැතිවරණයට චීනය බලපෑම් කිරීමට උත්සහ කරන බවයි.
සිය ප්‍රතිපත්තිවලට චීනය එකඟ නොවීම මත මෙම බලපෑම එල්ල කිරීමට උත්සාහ කරන බවත් ට්‍රම්ප් විසින් චෝදනා කර ඇත.
කෙසේ වෙතත් චීනය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර සිටියි.