FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ ප්‍රථම වරට අඹ වගා සංවර්ධන කලාප ඉදිකෙරෙයි..

ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කලාප දඹුල්ල හා යාපනය ප්‍රදේශ ඉලක්ක කරගෙන ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති අතර මෙහිදී ටොම් ඇන්ඩ් ජේ. සී Tom &JC ප්‍රභේදයට අයත් අඹ පැළ ලක්ෂයක් වගා කිරීමට කටයුතු යොදා ඇත.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කඩිනම් කෘෂිකර්ම සංවර්ධන වැඩපිළිවෙළ වන “අපි වවලයි – අපි කන්නේ” යටතේ මෙම කලාප ස්ථාපිත කිරීමට නියමිතය.
Tom & JC නම් මෙම අඹ වර්ගය වියළි හා තෙත් කලාපවල ඉතා හොඳින් වැවෙන හා පහසුවෙන් වගා කළ හැක.
වසර පුරාම ඵල හටගන්නා මෙම අඹ විශේෂයට ජාත්‍යන්තර මෙන්ම දේශීය වෙළෙඳ පොළේ ද ඉහළ ඉල්ලුමක් පවතී.