FAST NEWS

24×7 Around the Globe

මැතිව්ස් සංචිතයෙන් ඉවත් කිරිම ගැන ඇමති ෆයිසර් පිළිතුරු බඳියි..

නොයෙක් අවස්ථා වලදී නොයෙක් තීන්දු තීරණ ගන්නා විට ප්‍රශ්න ඇති බව, එංගලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට අදාළ සංචිතයෙන් ඇන්ජලෝ මැතිව්ස්ව ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසිමකදි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මහතා ප්‍රකාශ කළේය.
එසේම මෙවැනි ප්‍රශ්න තමාට යොමු කරනවාට වඩා තේරිම් කමීටුවෙන් විමසිමට කටයුතු කිරිම යෝග්‍ය බවත් හෙතෙම මෙහිදි පැවසීය.
“නොයෙක් අවස්ථා වලදී නොයෙක් තීන්දු තීරණ ගන්නකොට ප්‍රශ්න තියෙනවා,මෙවැනි ප්‍රශ්ණ මට යොමු කිරීමට වඩා මං නැවත වතාවක් කියන්නේ තේරිම් කමිටුවට යොමු කිරීම සුභවාදීයී කියලා”
ලබන මස පැවැත්විමට නියමීත එංගලන්තය සමග එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය අමාත්‍යවරයාගේ අනුමැතිය වෙත යොමු කර ඇති පසුබිමක හෙතෙම මෙම ප්‍රකාශය සිදු කළේය.
එසේම එම සංචිතයට ඇන්ජලෝ මැතිව්ස්ගේ නම ඇතුලත්ව නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ගද පැවසීය.