FAST NEWS

24×7 Around the Globe

ඉන්දියානු කණ්ඩායමට තරගයේ වැඩි වාසි – සිව්වන දිනය අදයි.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 176ක ඉලක්කයක් හඹා යමින් සිටින ඉන්දීය කණ්ඩායම තෙවැනි දිනයට තරගය නිමා කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 23ක් රැස්කරගෙන සිටියි.

ඒ අනුව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 156ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනම ලකුණු 367කට සීමා කිරිමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ. අගනා පිතිකරණයක නිරතවූ දිනේෂ් චන්දිමාල් සිය ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු ප්‍රමාණය වන නොදැවී ලකුණු 162ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.

ඒ සඳහා ඔහුට වැයවූයේ පන්දු 169ක් පමණි. ළහිරු තිරිමාන්න හා ජෙහාන් මුබාරක් චන්දිමාල්ට සහාය දක්වමින් කෙටි ඉනිම් ක්‍රීඩා කළහ.