FAST NEWS

24×7 Around the Globe

කණ්ඩායමට රතු එළි දල්වමීන් සනත්ගෙන් ටයිම්ස් වෙත විශේෂ ප්‍රකාශයක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දී ඇති ගැටලු විසඳා ගැනීමට කටයුතු නොකළහොත් කණ්ඩායම විශාල අවධානමකට මුහුණ දෙනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය හින්දුස්ථාන් ටයිම්ස් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමීන් ප්‍රකාශ කර තිබේ.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙක් ලෙසද කටයුතු කරමින් සිටින සනත් තරගාවලියේදී ශ්‍රී ලංකාව ලැබූ පරාජය පිළිබඳව අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබේ.
“ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය දැකීම හරිම වේදනාවක්. මේ අවස්ථාවේදී අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන ආඩම්බර වෙන්න බෑ. ඔබ පරාජය වෙන විට පීඩනයක් තිබෙනවා. නමුත් ඔබ එය ග්‍රහණය කර ගත යුතු වෙනවා. මම හිතන්නේ නෑ දැන් එය වෙනවා කියලා.
මේ ඒ අවස්ථාවෙන් පිටතට එන්න හොඳ වෙලාවයි.මොකද ඒක මීට වඩා නරක වෙන්න බෑ. අපි මුහුණ දී ඇති ගැටලු සඳහා විසඳුම් සොයාගත නොගතහොත් අපිට ඉදිරියේදී විශාල ගැටලුවකට මුහුණදීමට සිදුවේවි. ශූරයන්ගේ කුසලානයට ක්‍රීඩා කරන්නේ කණ්ඩායම් 08 යි.
ලෝක කුසලානයට ක්‍රිඩා කරන්නේ කණ්ඩායම් 10යි. අපි ගැටලු විසඳා නොගතහොත් අනාගතයේදී එම තරගාවලි අපිට අහිමි වේවි. ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණ රටවල් දැන් වෘත්තීයභාවය පෙන්වනවා.
මේ දවස්වල අපිට කිසිම කණ්ඩායමක් සැහැල්ලුවෙන් ගන්න බෑ. කුඩා කණ්ඩායම් වේගයෙන් දියුණුවෙනවා. ඔවුන් අභියෝගයක්. අපේ අංශ තුනින්ම අපි පහළට ගොස් තිබෙනවා. ශාරීරික යෝග්‍යතාවත් මට විශාල ප්‍රශ්ණයක්.”