FAST NEWS

24×7 Around the Globe

කොළඹ නගරය අන්තර්ජාතික තෙත්බිම් නගරයක් ලෙසට නම් කරයි..

ජාත්‍යන්තර රැම්සා මහලේකම් කාර්යාලය විසින් කොළඹ නගරය අන්තර්ජාතික තෙත්බිම් නගරයක් ලෙසට නම් කර ඇත.
අදාළ සහතිකය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර රැම්සා මහලේකම් කාර්යාලය වෙත ශ්‍රී ලංකාව වෙනුවෙන් අදාළ සියළු පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අයදුම්කර තිබිණි.
නාගරීකරණයත් සමග නාගරිකයන් විසින් නාගරික තෙත් බිම් ප්‍රයෝජනයට ගැනීමේ වැදගත්කම හා ඒවායේ ජෛව විවිධත්වය සුරැකීම කෙරෙහි අවධානය යොමු කරමින් ජාත්‍යන්තර නාගරික තෙත්බිම් නගර නම් කිරීමට 2015 දී පැවැති පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයේදී ජාත්‍යන්තර රුම්සා මහලේකම් කාර්යාලය විසින් තීරණය කරනු ලැබීය.
ඒ අනුව චීනය, දකුණු කොරියාව, ප්‍රංශය, මැඩගස්කරය හා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයක තෙත්බිම් නගර 18 ක් තෙත්බිම් නගර ලෙස තෝරා ගෙන නම් කිරීමට එම කාර්යාලය කටයුතු කර තිබේ.