FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගන් ඉන්දීය තරගය සම වෙයි..

2018 ආසියානු කුසළාන තරග මාලාවේ සුපිරි කණ්ඩායමේ හතරේ තරග වටය යටතේ ඊයේ (25) පැවති ඇෆ්ගනිස්ථාන – ඉන්දීය තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 08 ක් දැවී ලකුණු 252 ක් රැස් කළේය.
මෙහිදි ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු මොහොමඩ් ෂෙෂාඩ් යේ පහර 7 ක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 124 ක් රැස් කළේය.
ඉන්දියාව වෙනුවෙන් රවීන්ද්‍ර ජඩේජා කඩුලු 03 ක් දවා ගත්තේය.
ඒ අනුව ලකුණූ 253 ක ඉලක්කයක් සඳහා පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 5 කදී සියල්ලන් දැවී රැස් කලේ ලකුණු 252 ක් පමණි.
ඉන්දීයාව වෙනුවෙන් කේ එල් රාහුල් ලකුණු 60 ක් රැස් කළේය.
ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් රෂීඩ් ඛාන් කඩුලු 02 ක් දවාගත්තේය.
පකිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයක් අද (26) පැවැත්විමට නියමීතය.
ඒ අනුව අද තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම අනිද්දා ඉන්දියාව සමග අවසන් මහ තරගයට ක්‍රීඩා කිරිමට සුදුසුකම් ලබනු ඇත.
පකිස්ථානය සහ බංග්ලාදේශය සුපර් ෆෝ වටයේ මුහුණු දුන් තරග තුනෙන් දෙක බැගින් ජයග්‍රහණය කිරිමට සමත්ව සිටිති.