FAST NEWS

24×7 Around the Globe

එංගලන්තය සමග එක්දින තරගාවලි සංචිතයට මැතිව්ස් නෑ..

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලබන මාසයේදී ශී‍්‍ර ලංකාවේදි පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් තෝරා ගෙන නැතැයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
තෝරා ගන්නා ලද ශී‍්‍ර ලංකා එක්දින සංචිතය කී‍්‍රඩා ඇමතිවරයාගේ අනුමැතිය සඳහා මේ වන විටත් ඉදිරිපත් කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසන අතර එහෙත් එම කණ්ඩායමට මැතිව්ස් ඇතුළත් වන්නේද නැද්ද යන්න පිළිබඳ එම ආයතනය මුනිවත රකිති.
කෙසේ වෙතත් මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව අපේක්‍ෂිත මට්ටමට නොමැතිවීම හේතුවෙන් එය නැවත ලබාගන්නා තුරු මැතිව්ස් කණ්ඩායමෙන් ඉවත් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.