FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් කෝටි 8000 කට වැඩි සංවර්ධන ආධාරයක්..

ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 8000 කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට අමෙරිකානු රජයට අයත් සහශ්‍ර අභියෝගතා සංස්ථාව තීරණය කර ඇත.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපතිවරයා සහ සහශ්‍ර අභියෝගතා සංස්ථාවේ ප්‍රධාන විධායක නිළධාරී බ්‍රොක් ඛෙයර්මන් හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත.
මෙම මුදල් ලබාදීමට අදාළ කෙටුම්පත මේ වන විට සකසා අවසන් කර ඇති අතර එය ඉදිරියේදී අමෙරිකානු සෙනට් සභාවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත වන අතර ඊට අනුමැතිය ලැබීමෙන් පසු එළඹෙන දෙසැම්බර් මාසයේදී මීට අදාළ ගිවිසුමට අත්සන් තැබීමට එකගතාවකට පැමිණ ඇත.
මෙම ආධාර මුදල් ලංකාවේ මගී ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමට සහ මාර්ග තදබදය අවම කිරීම් නව ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීමට අපේක්ෂා කරන බව ජනපතිවරයා එහිදී පවසා ඇත.