FAST NEWS

24×7 Around the Globe

නේපාලයේ කොටි ගහණය දෙගුණයකින් ඉහළට..

නේපාලය සිදුකළ නවතම සමීක්ෂණයකට අනුව වනගත කොටි ගහණය පසුගිය වසර 09 තුළ දෙගුණයක් වී ඇති බව හෙළි වී ඇත.
නේපාල වනෝද්‍යාන සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන්කර සිටින්නේ 2009 වසරේදී 121 ක් වූ කොටි ගහණය නවතම සමීක්ෂණයට අනුව 235 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
වනාන්තර විනාශය සහ දඩයම් කිරීම හේතුවෙන් ආසියාකරයේ කොටි ගහණය සීග්‍රයෙන් පහත වැටී ඇත.
එම සංඛ්‍යාව වසර 2022 වන විට දෙගුණ කිරීම සඳහා නේපාලය ඇතුළු රටවල් 12 ක් 2010 වසරේදී සම්මුතියකට එළඹ තිබේ.