FAST NEWS

24×7 Around the Globe

බුලත් විටක මිල රුපියල් 10 කින් ඉහළ යයි..

දිවයින පුරා රුපියල් 30 කට අලෙවි කරනු ලැබූ බුලත් විටක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට අලෙවිකරුවෝ තීරණය කොට ඇත.
පුවක් ගෙඩියක් රුපියල් හතරක තොග මිලකට අලෙවි වන බවත් බුලත් කොළයක තොග මිල රුපියල් තුනක් වන බවත් නිෂ්පාදකයෝ පවසති.
නිෂ්පාදන වියදම අධික වීම නිසා බුලත්විට අලෙවි කිරීම තුළින් පාඩු සිදුවන බැවින් රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවූ බව ඔවුන් සදහන් කරන අතර දිනෙන් දින සියලුම පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ ගිය ද බුලත් විටක මිල වසර ගණනාවක සිට රුපියල් තිහකට අලෙවිකළ බවත් ඔවුන් පෙන්වා දෙයි.
මේ දිනවල තරුණ කණ්ඩායම් වැඩි වශයෙන් බුලත් විට සැපීම හේතුවෙන් එහි ඉල්ලුම වැඩිවී ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.