FAST NEWS

24×7 Around the Globe

මාලදිවයින් නව ජනපතිගේ දිවුරුම්දීම නොවැම්බර් 17 වනදා..

මාලදිවයිනේ පැවති ජනපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකරගත් ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි එළැඹෙන නොවැම්බර් 17 වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනු ඇති බව වාර්තා වෙයි.
එරට වත්මන් ජනාධිපතිවරයා වන අබ්දුල්ලා යමීන්ගේ ධුර කාලය නිල වශයෙන් අවසන් වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 17 වැනිදාට බැවින් ඒ අනුව ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි එදිනට ජනාධිපති ධුරයේ රාජකාරී බාරගනු ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇත.
ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි ජනාධිපතිවරණයෙන් ජය ලැබීමත් ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ද ඔහුට සුබ පැතුම් පණිවිඩ එකතු කරනු ලැබීය.