FAST NEWS

24×7 Around the Globe

මැතිව්ස් නායකත්වයෙන් ඉවතට – කණ්ඩායමට අලුතින් නායකයෙක්..

එක්දින සහ පන්දුවාර 20 ජාතික ක්‍රිකට් කණ්ඩායම් වල නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත්ව ඇති බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්‍රොයි සහ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග ඊයේ (23) දිනයේ පැවති සාකච්ජාවකින් පසු ඔහු මෙම තීරණය ගෙන ඇති බවද පැවසේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට මේ වනවිට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරණ දිනේෂ් චන්දිමාල් පත්කර ඇති බවද කියැවේ.
ඒ අනුව ලබන මාසයේදී එංගලන්ත සමග ආරම්භ වීමට නියමිත තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චන්දිමාල්ට පැවරෙනු ඇති බවද වැඩි දුරටත් පැවසේ.