FAST NEWS

24×7 Around the Globe

වන සතුන් වගාවට කරන හානිය නවතම සමීක්ෂණයකින් හෙළිවේ..

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සිදු කල නවතම පරීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ වගා කෙරෙන භෝගවලින් 30 % ත් 35% ත් අතර ප්‍රමාණයක් වාර්ෂිකව වන සතුන් විසින් විනාශ කරන බවට අනාවරණ වී ඇත.
මේ හේතුවෙන් වාර්ෂිකව රුපියල් කෝටි 1800 ක පමණ මුදලක් ගොවීන්ට අහිමි වන බවෙ මෙම සමීක්ෂණයේදී අනාවරණ වී තිබේ.
රටේ ශක්තිමත්ව වැඩකරන ගොවීන්ගෙන් 80% ට වැඩි පිරිසක් වන අළි ප්‍රහාරවලින් මියයන බවද අදාල සමීක්ෂණයෙන් සදහන් කර ඇති අතර මෙරට රිළවුන් සහ වදුරන්ගේ ගහනය ලක්ෂ 15 දක්වා ඉහළ ගොස් ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් 011 2 87 20 94 යන දුරකථන අංකයට වගා හානි පිළිබද දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.