FAST NEWS

24×7 Around the Globe

ප්‍රථම වතාවට අධි තාක්ෂණික රෙටිනල් කැමරාවක් ජාතික අක්ෂි රෝහලට..

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අධි තාක්ෂණික රෙටිනල් කැමරාවක් මගින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කිරීමට කටයුතු සූදානම් කර තිබෙන අතර මෙය කොළඹ ජාතික අක්ෂි රෝහලේ ස්ථාපිත කිරීමට නයමිත අතර ඉතා නිවැරදිව ඉක්මනින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කිරීමට මේ හරහා අවස්ථාව ලැබෙනු ඇත.
සැප්තැම්බර් 21 දා සිට ඔක්තෝබර් 21 දා දක්වා ජාතික අක්ෂි රෝහලට පැමිණ මෙම පරීක්ෂාව නොමිලයේ කරගත හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
නිවාඩු දින වලදි හැර සතියේ වැඩකරන දිනවලදී පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා අක්ෂි රෝහලේ අංක 30 පරීක්ෂණ කාමරයෙන් මෙම පරීක්ෂණය සිදුකර ගත හැකිය.