FAST NEWS

24×7 Around the Globe

නීතිඥ ශිරාල් ලක්තිලකට ජනාධිපති උපදේශක තනතුරක්..

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරන නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ජනාධිපති උපදේශක ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
මාතර රාහුල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ශිරාල් ලක්තිලක මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිය ලැබ නීතිඥයකු ලෙස වෘත්තීයමය ජීවිතය ආරම්භ කළේය.
ගැටුම් අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියාහි ආකේඩියා විශ්වවිද්‍යාලයෙන් හා ටෙම්පල් විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් ඔහු ජාත්‍යන්තර නීතිය, ජාත්‍යන්තර දේශපාලනය, මානව හිමිකම් හා කළමනාකරණ කටයුතු පිළිබඳ ජාත්‍යන්තර ආයතනය හා විද්‍යාල රැසකින් වැඩිදුර අධ්‍යාපනය ලබාගත් අයෙකි.