FAST NEWS

24×7 Around the Globe

ආරම්භ පිතිකරුවා විය යුත්තා ගැන රසල්ගෙන් යෝජනාවක්..

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස දිමුත් කරුණාරත්න ක්‍රීඩා කළ යුතු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක, ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනෝල්ඩ් මහතා සිය ට්විටර් ගිණූමෙහි පණිවිඩයක් තබමීන් ප්‍රකාශ කර තිබේ.
එමගින් කණ්ඩායමේ ඉදිරිපෙළ ශක්තිමත් කර ගත හැකි බව ඔහුගේ පෞද්ගලික අදහස ලෙස එහි සටහන් කර ඇත.
දිමුත් කරුණාරත්න මේ වන විට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කරයි.