FAST NEWS

24×7 Around the Globe

පොලිස්පතිව ඉවත් කිරීමට දෝෂාභියෝගයක් ගෙන ආ යුතුයි..

පොලිස්පතිවරයාව ධුරයෙන් ඉවත් කිරීමට අවශ්‍යනම් පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බවත් පොලිස්පතිවරයා ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්නොවුවහොත් සියධුර කාලය අවසන් වනතුරු ඔහුට එම ධුරයේ රැඳී සිටිය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා ජාතික පොලිස් කොමිසමට පොලිස්පතිවරයා සම්බන්ධව නිර්දේශ පමණක් ඉදිරිපත් කළ හැකිබවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
19 වැනි සංශෝධනයෙන් පසු ව්‍යවස්ථා සභාව අවුරුදු 03 ක කාලසීමාවකට ස්වාධීන කොමිෂන් සභා පිහිටු වූ බවත් , ඒ අනුව පිහිටු වූ පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා සම්බන්ධව නිර්දේශයක් නිකුත් කළ පසු ඔහු ඉවත් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ඉන් ඉදිරියට දීර්ඝ ක්‍රියාවලියක් තිබෙන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මහතා ප්‍රකාශ කළේය.