FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලානය,නායකත්වය හා හතුරු ගැන ඩිලාන්ගෙන් සැර කතාවක්..

ප්‍රවීණ ක්‍රීඩකයෝ කණ්ඩායමට කැඳවා ඉන් අයෙක්ට නායකත්වය ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ඊයේ (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමීන් පැවසීය.
එසේම චන්දික හතුරුසිංහගෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු බවද හෙතෙම මෙහිදි පෙන්වා දුන්නේය.
“ටි.එම් ඩිල්ෂාන්ලා වගේ ක්‍රීඩකයෝ අද කියලා තියනවා,අවශ්‍ය නම් අපි රිටයිමන්ට් එකෙන් එලියට එන්නම් කියලා.මෙ වගේ අවස්ථාවක මම හිතනවා එවැනි ප්‍රවීණ ක්‍රීඩකයෝ ගෙන්නලා කාටහරි නායකත්වය භාර දීලා, ක්‍රීඩා කණ්ඩායම දැන් අපි වහාම සුදානම් කරවන්න ඔනා දැන් වර්ල්ඩ් කප් එකට.එ හිනිදා මාස 08 තියෙන්නේ. මේ වේලාවේ වහාම හොද ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නැවත කැඳවලා,ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය භාර දීලා,තෙරිම් කමීටුව පිස්සු කෙලිනවා වගේ පෙනවා,තේරිම් කමීටුවේ සභාපති,ඊයේ ලංකාවේ සහ ඉන්දියාව විමෙන්ස් මැච් එකේ රෙෆ්රී,මැච් රේෆ්රිලා කොහෙද ක්‍රිකට් තේරිම් කමීටුවේ සභාපති,එ නිසා එවැනි විප්ලවීය වෙනසක් සිදු කරලා , මම හිතනවා චන්දික හතුරුසිංහ වගේ එ පුහුණූකරුගෙන් උපරිම ප්‍රයෝජන ගන්න කාලය ඇවිල්ලා..”