ලෝක කුසලාන සංචාරය දිවයිනට පැමිණෙයි…

ලෝක කුසලාන සංචාරය දිවයිනට පැමිණෙයි…

පසුගිය 17 වනදා ආරම්භ වුණු 12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන කුසලානයේ සංචාරය ඊයේ (20) ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඒ අනුව එම කුසලානය කොළඹ නිදහස් චතුරස්‍රයේදී ප්‍රදර්ශනය කිරීම සිදු කරනු ලැබීය.
මෙම කුසලානය ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ 1996 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමට නායකත්වය අර්ජුන රණතුංග විසින් නිදහස් චතුරස්‍රය වෙත ගෙන එනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ද සහභාගී වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත් හැර ජාතික කණ්ඩායම නියෝජනය කරන වෙනත් කිසිදු ක්‍රීඩකයකු එම අවස්ථාවට සහභාගි නොවීමද විශේෂත්වයකි.
දින 04 ක කාලයක් මෙම කුසලානය ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.